ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ඉන්දියාව ගැන ලොවට හඩගා කියු දේ ‌මෙන්න...2050 වන විට ඉන්දියාවට වෙන්න යන දේ...

Government Of India
By Subodha Apr 22, 2022 09:57 AM GMT
Report

වසර 2050 වනවිට ඉන්දියාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියනන 30 ක ප්‍රබල ආර්ථිකයක් බවට පත්වන අතර, එරට දුප්පත්කම ඒ වනවිට මුළුමනින්ම පාහේ තුරන් කළ හැකි බව ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පවසනවා.

එහිදී කිසිදු ඉන්දියානුවෙකුට කුසගින්නේ නින්දට යාමට සිදු නොවන බවයි ටයිම්ස් ජාලය මගින් සංවිධාන කළ ඉන්දීය ආර්ථික සංසදයට එක්වෙමින් ඔහු කියා සිටියේ.

වසර 2050 ට තව දින දස දහසක් පමණ ඇති අතර, එහිදී එම කාලය තුළ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 25 ක් එක් කළ හැකියි.

එය දිනපතා දෛනිකව ඩොලර් බිලියන 2.5 ක් දළදේශීය නිෂ්පාදිතයට එක්වීමට සමානයි.

ගෞතම් අදානි වැඩිදුරටත් කියා සිටියේ සැළසුම් කර ඇති අයුරින් ආර්ථික වර්ධනය සිදුවුවහොත් ඉන්දීය කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරණයද වසර 2050 වනවිට ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවනු ඇති බවයි.

පසුගිය වසරේදී ලොව ධනවත්ම පුද්ගලයන් දෙදෙනා වන ඊලොන් මස්ක් සහ ජෙෆ් බෙසොස්ට වඩා ධනයක් සිය වත්කමට එක් කළ ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් මේ වනවිට ඩොලර් බිලියන 81 ඉක්මවනවා.

ගුවන් තොටුපල, වරාය, විදුලිබල ජනනය සහ බෙදාහැරීම ඇතුලු විවිධාංගික ව්‍යාපාර රැසක නිරත අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තයද සංවර්ධනය කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now