බිහිසුණු බස්-ටිපර් අනතුරක්..12ක් රෝහල් ගත කෙරේ..(PHOTOS)
Accident
Bus accident
Horana
Tipper accident
By Aruna
කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ කුඹුක මංසන්ධිය ප්‍රදේශයේ දී අද (01) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරට ලක්ව ඇත්තේ, ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.
අදාළ බස් රථය, ටිපර් රථයක් සමග එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති බව අප වාර්තාකරු කියා සිටියා.
අනතුර හේතුවෙන් හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




