බිහිසුණු බස් ටිපර් අනතුරක්..26ක් රෝහල් ගත කෙරේ.(PHOTOS/VIDEO)
Accident
Sri Lanka
Bus tiper accident
Muuthur
By Aruna
පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙන ගැටීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම අනතුර සිදුව ඇත්තේ අද උදෑසන ත්‍රීකුණාමලය - මඩකලපුව මාර්ගයේ පට්ටිතිඩාල් ප්‍රදේශයේදීයි.
බස් රථ සහ ටිපර් රථ අනතුරේ ඡායාරූප පහතින් නරඹන්න.
මේ අතර ඊයේ (09) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දෙස සිට බරවකුඹුක දෙසට ධාවනය වූ ටිපර් රථයක් දකුණු පස ආරක්ෂක වැටේ වැදී පෙරලී අනතුරට ලක්ව තිබේ.
ටිපර් රථ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ටිපර් රථ රියදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්තොට පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






