අද මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ වැඩ වර්ජනයක..!
Sri Lanka Economic Crisis
Sri Lanka
SL Protest
By Sewvandhi
පෞද්ගලික බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
හෙට දිනයේ රටපුරා ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගයක් ලබා දීමට සහ දිවයිනපුරා පවතින ඩීසල් හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු පවසන්නේ.
බොහෝ විට එළඹෙන 12වෙනිදා තෙක් බස් ධාවනය කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවද ගැමුණු විජේරත්න පවසනවා. ඔහු පවසන ආකාරයට ඊට හේතුව වන්නේ ඩීසල් නෞකාවක් මෙතෙක් මෙරටට නොපැමිණීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |