පයාගලදී පැහැරගත් බස් රථයට සිදු වූ දේ..(CCTV VIDEO)

Payagala bus hijacking Diyaagoda CCTV Video
By Sewvandhi Jan 14, 2022 08:24 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පයාගල දියලගොඩ ප්‍රදේශයෙන් කොල්ලකා තිබූ බස් රථයක් කොස්ගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබීයදී සොයාගෙන තිබේ. ඇගලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන අදාළ බස් රථය දියලගොඩ ප්‍රදේශයේදී මාර්ගයක් අසල ගාල් කර තිබියදී කිසියම් පිරිසක් විසින් කොල්ලකා ඇත.

පසුගිය සෙනසුරාදා දිනයේ මෙම කොල්ලකෑම සිදුව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පයාගල පොලීසිය ඒ පිළිබද විමර්ශන ආරම්භ කර තිබුණි.

පොලීසිය පැවසුවේ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගනිමින් සිදුකළ විමර්ශනවලදී එම බස්රථය ගාලු පාර ඔස්සේ ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇති බවය ඒ අනුව කොස්ගොඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ බස් රථය සොයාගැනීමට හැකි වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now