බස්වල ගමන් කරන සියලු කාන්තාවන්ට විශේෂ පණිවිඩයක්..

Sri Lanka
By Aruna Oct 10, 2022 01:18 AM GMT
Report

කලිසමක රදවාගත් කැමරාවක් ආධාරයෙන් කාන්තාවන් වීඩියෝගත කළ පුද්ගලයෙකු පිටබැද්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු බස් කොන්දොස්තරවරයෙක් ලෙසද සේවය කර ඇති බවයි පිටබැද්දර පොලීසිය පැවසුවේ.

දිග කලිසමක යට කොටසේ සූක්ෂම ලෙස සැකකරු විසින් මෙම කැමරාව සවිකර ඇති අතර එමගින් කාන්තාවන් අනවශ්‍ය ලෙස වීඩියෝගත කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පිටබැද්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වනවා.

සැකකරු හෙට මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now