බස් රථයක් සහ ගුවන් යානා අනතුරකින් 26ක් මරුට..(VIDEO/PHOTOS)
මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16 දෙනෙක් මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.
බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ප්‍රදේශවාසීන් සහ සංක්‍රමණිකයන් රැගත් බස් රථයක්.
කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම මෙක්සිකෝවේ Cuacnopalan-Oaxaca අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව විදෙස් ප්රවෘත්ති වාර්තා පවසනවා.
රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත්තේ යානයේ සිටි මගීන්ගේ ලැයිස්තුවේ Yevgeny Prigozhin ද සිටි බවයි.
Dimitri Otkin නම් වු වැග්නර් හමුදාවේ ඉහළ පෙලේ නායකයෙකුද මේ ගුවන් අනතුරින් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර පසුව ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කර ගනු ලැබුවා.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබන්නේ.
රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය ආරම්භ කළේ.
කෙසේවෙතත්,මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති අතර නමුත් Prigozhin ගුවන් යානයට ගොඩ වූවා ද යන්න පැහැදිලි නොමැති බව සඳහන් වන්නේ.