බිහිසුණු බස්රථ අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - බරපතල තුවාල ලැබූ 17ක් රෝහල් ගත කෙරේ..(VIDEO)

Trincomalee Sri Lanka Accident
By Sewvandhi Dec 21, 2022 02:48 PM GMT
Report

මීට සුළු මොහොතකට පෙර (2022-12-21) පලෙයි ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුරට ලක්වුණා.

අනතුරින් 17 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පලෙයි රෝහලට ඇතුළත් කර තිබේ. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා යාපනය බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.


පලෙයි මුල්ලියාඩි ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ දී බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව මීටර් 100ක් පමණ ඇදී ගොස් පෙරළී ගොස් තිබෙනවා. මේ අතරතුර බස් රථයේ ගමන් ගත් එක් අයෙක් මිය ගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇත.

බරපතල තුවාල ලැබූ බොහෝ දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පලෙයි රෝහලේ සිට ගිලන් රථවලින් කිලිනොච්චිය දිසා රෝහල වෙත යොමු කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දෙකක් අතර තරඟයක් හේතුවෙන් එක් බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව අනතුරට පත් වූ බව මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් ප්‍රකාශ කළා. පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now