ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනාවකට ෂී ජින්පින්ගෙන් ඇමරිකානු ගමනක්
United States of America
China
Latest Headlines
Sinhala news
By R.rishma
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සැප්තැම්බර් 23 වැනිදා සිට 25 වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල රාජ්‍ය සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව මෙම තෙදින සංචාරය සිදුකෙරෙන බව සඳහන් වේ.
සංචාරය අතරතුර චීන සහ ඇමෙරිකානු රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම දෙරටට වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.