බෝම්බ ඉවත්කිරීමට ගිය සේවකයින් රැගත් බස් රථයක් බිහිසුණු අනතුරක..ජීවිත 04ක් අහිමි වෙයි..

Kilinochchi Accident Death
By Aruna Feb 18, 2024 06:55 AM GMT
Report

බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත සේවකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයකට කිළිනොච්චිය පරන්තන් ඒ-35 මාර්ගයේදී මී ගවයින් රෑනක් ගැටීම නිසා බිහිසුණු අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

එම අනතුරින් මී ගවයින් තුන් දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර එම අනතුරට මැදි වූ යතුරු පැදිකරුවකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම මීගවයින් රෑන එක්වරම මාර්ගය මැදට පැන මාර්ගය හරහා ගමන් කරන්නට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මී ගවයින් බස් රථයේ ගැටීමත් සමගම ඔවුන් කුලප්පු වී මාර්ගය පුරා දිව ගිය අවස්ථාවේදී එක් මී ගවයෙකු යතුරු පැදියක ගැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයා ද බරපතල තුවාල ලබා ඇත.

ඔහු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්න ලෙස මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් දේවීපුරම් ගම්මානයේ පදිංචි 55 හැවිරිදි එස්.විනයාගම් නැමති පුද්ගලයෙක්.

මෙම අනතුර සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.