බස් රථ 03ක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුර..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Oct 18, 2022 03:56 AM GMT
Report

අද (18) පෙරවරුවේ නුගේගොඩ ගම්සභා හන්දියේ දී බස් රථ 03ක් එකිනෙක ගැටී ඇත.

අද උදෑසන 6 ට පමණ කොටුව සිට ධාවනය වූ මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයක් අලෝක සංඥා නොතකා ධාවනය කරවීම හේතුවෙන් තවත් බස් රථ දෙකක ගැටී ඇත.

අනතුරින් එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගම්සභා ප්‍රදේශයේ හටගත් රථවාහන තදබදය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join