බසයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටෙයි - මගීන් 15ක් තුවාල ලබා වහාම රෝහල්ගත කරයි.. පිරිස අතර පාසල් ළමුන් ද..
අද (18) මරදන්කඩවල ප්රදේශයේ දී අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුර සිදුව ඇත්තේ A9 මාර්ගයේ 105 හා 106 කිලෝමීටරය අතරතුර වංගුවක දී ය.
එහිදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇත.
අදාළ අනතුරින් එම බස් රථයේ ගමන්ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සදහා මරදන්කඩවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එයින් කිහිප දෙනෙක් වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
ඒ බරපතල තත්ත්වයේ පසු වූ හේතුවෙන් ය.
අනතුරින් තුවාල ලැබූවන් අතර පාසල් ළමුන් දෙදෙනෙක් ද වේ.
මරදන්කඩවල පොලිසිය සඳහන් කළේ එම බස් රථය සහ එහි රියදුරු වැඩිදුර විමර්ශන සදහා අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලිසිය අනුමාන කළේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතු වන්නට ඇති බවයි.