මෙරට බස් රථයක් පෙරළී යයි - 44ක් රෝහල් ගත කෙරේ
Jaffna
Kilinochchi
Sri Lanka
Accident
By Sewvandhi
මාර්ගයේ ධාවනයවූ බස් රථයක් දකුණට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරළීගොස් තිබේ.
එම අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් 44කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
පොලීසිය සඳහන් කළේ අද (15) දහවල් A9 මාර්ගයේ පලෙයි පොලිස් වසමේ මුහමාල ප්‍රදේශයේදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට මුහුණදී ඇති බවය.
තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ යාපනය, පලෙයි සහ කිලිනොච්චිය රෝහල්වලටය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |