බිහිසුණු බස් ලොරි අනතුරකින් තිදෙනෙකු මිය යයි..

Jaffna Accident Death Srilanka Bus
By Aruna Jun 26, 2024 02:01 AM GMT
Report

කිලිනොච්චිය, මාන්කුලම් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු වාසනාවන්ත ලෙස මියගොස් තිබෙන බව වාර්තා වනවා.

මාන්කුලම් ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් නිසා මාර්ගයේ නවතා තිබූ බස් රථයක පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරින්, බසයේ රියදුරු ඇතුළු 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.

දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..

දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..


මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම බිහිසුනු අනතුර සිදුව ඇත්තේ ඊයේ (25) රාත්‍රියේ.

මේ අතර, වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගර මධ්‍යයේ ඇති මහජන බැංකුව අසලදී යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ(25) පස්වරුවේ අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් යතුරුපැදිය පැදවූ අවුරුදු 22 ක තරුණයෙකු බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රීක් මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.