අදත් බස් රථ අනතුරක්..කාන්තාවක් මියයයි..(PHOTOS)
වරකාපොල - තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) ලංගම බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.
එමෙන්ම, මෙම බස් රථ අනතුරින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර, ඊයේ(01) අලුයම කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා.
වටවල සිංහල විද්‍යාලය අසලදී අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයකට මග සලසා ගැනීමට යාමේදී මාර්ගයෙන් ඉවතට පැන ලිස්සා ගොස් පෙරළී තිබුණා.
තුවාල ලැබූ මගීන් වහා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තුවාල ලැබූවන් නාවලපිටිය දිසා රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.
වටවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින තුවාල ලැබූ මගීන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ අවම වශයෙන් මගීන් 100 දෙනෙකු බස් රථය තුළ සිට ඇති බවටයි වාර්තා වන්නේ.