තවත් බස් රථයක් පෙරළී මාරක අනතුරක්.. 13 ක් රෝහලට යවයි..(PHOTOS)
Police spokesman
Sri Lanka Police
Sri Lanka
Accident
By Aruna
අද (30) උදෑසන කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් ගොඩකවෙල, ගලහිටිය ප්රදේශයේදී පෙරැළී අනතුරකට ලක්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
පොලිසිය පැවසුවේ, එම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 13 දෙනකු කහවත්ත මූලික රෝහලට ඇතුළු කර ඇති බවයි.
රියැදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
රක්වාන පොලිසිය මෙම අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.