බිහිසුණු බස් රථ අනතුරේ අලුත්ම තත්ත්වය මෙතනින් දැනගන්න.(PHOTOS)
මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථයක් පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙහිදී තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් සියලුදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්විය.
සිදුවීම සම්බන්ධව පොලීසිය සැකපළ කරන්නේ, බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි.
මෙම බස්රථ අනතුරෙන් අතුරුදන් වූවන් ඇත්දැයි සොයා බසය ඔයට පෙරළුණු ස්ථානයේ කිමිඳුම්කරුවන් විසින් මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බව, අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර අනතුරටපත් බස් රථය ඊයේ (09) රාත්‍රියේ ම දොඹකර ආධාරයෙන් ඔයෙන් ගොඩට ගැනුණා.
මීට අදාල ඡායාරූප පහතින්,