ළිදකට මල්ලිව පරලොව යැවූ අයියා..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 19, 2023 12:13 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (18) මාතර මහාධිකරණය විසින්,  2010 වර්ෂයේ දී අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ දී සිය සහෝදරයාට උදැල්ලකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළේය.

ළිඳකින් වතුර ගැනිම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යැමෙන් පසු 2010 වසරේ අප්‍රේල් මස 13 වනදා හෝ ඊට ආසන්න දිනක දීඅයියා විසින් මල්ලිට උදැල්ලකින් පහර දී තිබිණි.

ඊට ආදාළ නඩුව අවුරුදු 13ක් තිස්සේ මාතර අධිකරණයේ විභාග වූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බලා මාතර මහාධිකරණ විනිසුරු නාමල් තෙන්නකොන් මහතා විසින් ඊයේ (18) පස්වරුවේ දී මෙම මරණ දඬුවම නියම කර තිබේ.

එසේ මරණ දණ්ඩණය නියම වී ඇත්තේ, අකුරැස්ස මලිදුව දොලේකන්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකුටයි