හදිසියේ ම මෙම මෙරට පාලමක් කඩා වැටී සිදු වූ විනාශය

lorry damage Accsident bridge
By Sithumi Jan 24, 2022 12:12 PM GMT
Report

දෙනියාය, මෙදේරිපිටිය පොද්දන පාලම, ටිපර් රථයක් ගමන් කරමින් සිටියදී අද දහවල් (24) කඩාවැටී තිබේ. මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත. පසුගිය වසරේ ප්‍රදේශයේ ඇතිවූ ජලගැලීමක දී පාවී ආ කොටයක් මෙම පාලමේ එක් ආධාරක කණුවක ගැටී එම කණුවට සිදු වු හනි හේතුවෙන් එම පාලම එක් පසකින් පහත්වී තිබී ඇත

. ඒ හේතුවෙන් පාලමේ බර වාහන ගමන් කිරීම තහනම් කර තිබු බව අද දෙරණ වාර්තාකරු පවසයි. පාලම කඩා වැටීම හේතුවෙන් මෙදේරිපිටිය පාසලට සහ ගම්මාන කිහිපයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසින් පැවසීය.

මෙම පාලමේ තිබූ දුර්වල තත්ත්වය හේතුවෙන් බර වාහන ගමන් කිරීමට නොහැකි වන ලෙස යකඩ කණු සවිකර තිබූ බවත් එයද කඩා දමා එම ටිපර් රථය එහි ධාවනය කර තිබු බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now