පාන් ගෙඩියක් රුපියල් 190කට - කුකුළු මස් මිලත් ඉහලට?..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Sep 10, 2022 07:03 AM GMT
krishani

krishani

in ආහාර
Report

නියමිත බරට වඩා අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර වැට් බදු, විදුලි බිල හා ජල ගාස්තු ඉහළ යාමට සමගාමීව ඉදිරියේ කුකුළු මස් මිළ ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join