බොරැල්ලම කම්පා කළ ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 07, 2023 11:40 AM GMT
Report

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි  34, 35 හා 38 වයස්වල පසුවන පදිංචිකරුවන් තිදෙනෙකි.

වත්තල පොලිස් වසමේදී ඊයේ (06) සවස් කාලයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ දී පසුගිය මැයි 20 වනදා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනිඅවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබුණි.

එම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ සවස වත්තලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 600ක් හා ජංගම දුරකථන සිම්පත් 05ක් ද පොලීසිය සොයාගෙන ඇත.අද (07) අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.