අවදානම් තත්වයක්.. මෙරටින් බෝම්භයක් හමුවේ.

Crime srilanka sequrity Sequirity
By Sithumi Feb 12, 2022 12:32 PM GMT
Report

මාතර - සුල්තානාගොඩ පොලිස් වසමේ මාදුරුදූව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක තිබී මෝටාර් බෝම්බයක් සොයාගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා. 

එම නිවස අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටි පෙදරේරුවෙකු විසින් මෙම මෝටාර් බෝම්බය ගඩොල් ගොඩක තිබියදී දැක පසුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස සොයාගත් මෝටාර් බෝම්බය මිලිමීටර් 81 ජීව මෝටාර් බෝම්බයක් බවට හඳුනාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් මාතර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්යය බලකා හියාරේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පැමිණ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළා. ඒ උනැල්ල - පොත්දූව නමැති පාළු ප්‍රදේශයකදී අද (12) පස්වරුවේදී අදාළ මෝටාර් බෝම්බය විනාශ කර දැමීමට පියවර ගැනුණා.

කිසියම් පුද්ගලයෙකු විසින් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම මෝටාර් බෝම්බය මෙම ස්ථානයට ගෙනත් තැබුවා ද යන්න සෙවීමට මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now