දියවන්නාවේ සැඟව ගිය 18 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවූ තැන..

Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi මාස 1 කට පෙර
Report

රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි සයුර ගිම්හාන් නමැති  දියවන්නා ඔයේ දියේ ගිලී අතුරුදන් වූ 18 හැවිරිදි වියේ පසුවූ තරුණයාගේ මළ සිරුර බෝට්ටුව අනතුරට ලක්වූ ස්ථානය ආසන්නයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇති තරුණයා තවත් තරුණයන් පස්දෙනෙකු සමඟ මසුන් ඇල්ලීම සඳහා ගොස් ඇත. එහිදී මියගොස් ඇති තරුණයා තවත් තරුණයෙකු සමඟ දියවන්නා ඔයේ අධි ආරක්‍ෂිත කලාපයට ගමන් කිරීමේදී ඔවුන් ගමන් කළ ඔරුව පෙරළී අනතුරට ලක්ව ඇත.

ඒ සමඟම අනෙක් තරුණයා ගොඩට පිහිනාවිත් දිවිබේරාගෙන ඇති අතර මෙම තරුණයා දියේ ගිලී අතුරුදන්ව තිබේ. නාවික හමුදාව විසින් ගොඩ සිටි තරුණයින් දෙදෙනෙකු සහ ගොඩට පිහිනාවිත් ඇති තරුණයා සිය භාරයට ගෙන තලංගම පොලීසිය වෙත භාරදී ඇත.

එහි සිටි තවත් තරුණයන් දෙදෙනෙක් එම අවස්ථාවේ පළාගොස් ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තාවෙයි. මියගොස් ඇති තරුණයාගේ මෘත දේහය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන යාමට නියමිතය. තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now