රසම රස බිලිං චට්නි හදමු..

Ministry of Health Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Jul 16, 2022 07:26 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අපි සියලු දෙනාම ආසයි චට්නි වර්ග කන්න . ඉතින් මේ විවිධ වර්ගයේ චට්නි කාල තිබුණද බිලිංච වලින් චට්නි කාලා නෑ නේද . අද අපි කියන්න යන්නේ බිලිංච වලින් චට්නි හදන ආකාරයයි

අවශ්‍ය ද්‍රව්‍ය -  

  • බිලිංච
  • සීනි

සාදන අයුරු - 

බිලිංච සෝදා දිය බේරෙන්නට තියා ගත යුතු ය.ඊළගට වතුර නොදමා තැම්බිය යුතු ය.එවිට බිලිංවල ඇති වතුර පිටවේ.එම වතුර පෙරා සීනී ග්‍රෑම් 100 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තබා පසු දා යළි තැම්බිය යුතු ය.එවිට ද ජලය පිටවේ.එම ජලය ද පෙරා ගෙන සීනී ග්‍රෑම් 100 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තැම්බිය යුතු ය..පසුව දා බිලිං තම්බා ඉතිරිවන වතුර ද රැගෙන සිනී ග්‍රෑම් 250 ක් දමා බුබුළු දමන පදමට පැණි උණුකර බිලිංවලට දමා බෝතලයක අසුරා ගත යුතු ය.මෙය පැරණි ක්‍රමයකි.කල් තබා ගැනීමට ද පුළුවන. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now