කුඩා දරුවෙකුගේ පාපැදිය සොරාගත් අසල්වැසියා - සි.සි.ටි.වී දර්ශන සහිතයි..(CCTV VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Fuel Crisis
By Sewvandhi Sep 11, 2022 10:59 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කුඩා දරුවෙකුගේ පාපැදිය සොරාගත් බවට සැකපිට යාබඳ නිවසක හිමිකරුවෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධිය වාර්තා වී ඇත්තේ, වේයන්ගොඩ, නාරංවත්ත ජය ශ්‍රී මාවත ප්‍රදේශයෙනි. ඊයේ (09) පස්වරු 4:30ට පමණ එම සොරකම සිදුකර ඇති අතර පාපැදිය සොරා ගෙන යන අයුරු අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

දරුවා පාපැදිය මිදුලේ නවතා නිවෙස තුළට ගිය අවස්ථාවේ සැකකරු විසින් පාපැදිය සොරා ගෙන ඇත. පාපැදිය නැතිවීම සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසියට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ වේයන්ගොඩ පොලීසියේ නිලධාරීන් පැමිණ CCTV දර්ශන පරීක්ෂාකර සැකකරු හඳුනාගෙන තිබේ.

අනතුරුව සැකකරු ඔහුගේ නිවසේ සිටියදීම අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු පාපැදිය එම ප්‍රදේශයේම නිවසකට ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර ගැනුණි. ඒ අනුව, මීටර් 300ක පමණ දුරින් පිහිටි එම නිවසට සැකකරුගේ මඟපෙන්වීම යටතේ ගොස් පාපැදිය සොයා ගැනිණි.

පාපැදිය නැති වීම සම්බන්ධව දරුවාගේ මව විසින් වේයන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත. සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW