කාන්තාවක් යතුරු පැදියේ පිටුපසින් පාර මැදට ඇදවැටෙන සංවේදී වීඩියෝවක්..(VIDEO)
Sri Lanka Police
Sri Lanka
Accident
By Aruna
මොරටුව කටුබැද්ද ආසන්නයේදී නොසැලිකිලිමත් රිය ධාවනයේ යෙදුනු වෑන් රථ රියදුරෙකු අනතුරක් සිදුකර පලායන ආකාරය පසුපසින් පැමිණි මෝටර් රථයේ සවි කර තිබෙන කැමරාවේ මෙසේ සටහන්ව තිබුණා.
වෑන්රථය කොළඹ දෙසට ගමන් ගත් යතුරු පැදියක ගැටී යතුරුපැදියේ පිටුපස ගමන්ගත් කාන්තාව මාර්ගයේ මැද වැටෙන අයුරු එහි සටහන්ව තිබේ.
එම අවස්ථාවේදී වෙනත් වාහනයක් ඊට පිටුපසින් ගමන් ගත්තානම් ජීවිත අනතුරක් වීමට පවා බොහෝ දුරට ඉඩ තිබූ බව එම වීඩියෝවෙන් පෙනී යයි.
අනතුරෙන් පසු පලාගිය වාහන රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්යි.
එම අනතුර සිදුවන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |