ඔබත් ටැංකියේ මාළු ගගට දානවාද එහෙම සුරතල් මාළු ගගට දාන එක හොඳයිද ?
මාලු ඇතිකරන්න අපි කවුරුත් ආසයි. ගොඩක් වෙලාවට අපි අඩි දෙකක තුනක ටැන්කියක් ගෙනල්ල මින්මැදුරකින් ලස්සන මාලු ටිකක් ගෙනල්ල ඒකෙ හදනවා. මුල් දවස්වල ඕක දිහා ආසාවෙන් බැලුවත් කාලයක් යද්දි ගොඩ දෙනෙක්ට ඕක වෙනුවෙන් කැපවෙන්න තියෙන කාලෙ වෙන වැඩවලට යොදවන්න වෙනවා, එහෙම නැත්තන් අපි ගේන ඇලිගේටර් ගාර්, පාකු, මාබල් කැට්ෆිෂ් වගේ සමහර මාලු ප්‍රමාණයෙන් ලොකු වෙන්න ගන්නව. තියාගන්නත් විදිහක් නැති නිසා සමහරු තමන් ආදරෙන් හදපු මාලුවට නිදහස දෙන්න ඕනි කියල හිතාගෙන ගෙවල් ගාවම තියෙනව දිය පාරට, ඇලට හරි ගඟට හරි මේ මාලු ටික ගෙනිහින් දාල සතුටින් ගෙදර එනව මාලුවට උගෙ නිදහස ලැබුණ කියල හිතන්. ඒත් ඒ කෙනා දන්නෑ තමන් ලොකු විනාසයක් මුල්ගල තිබ්බා කියන එක. හරි ඒ කතාව ටිකකට පැත්තකින් තියමු.
ගොඩක් අය හිතන් ඉන්නෙ විසිතුරු මසුන් විදිහට විකුණන්න ඉන්න ස්වභාවික පරිසරෙන් අල්ලන් ආව මාලු කියල. Wild caught සහ දේශීය මාලු වර්ග ඇරුනම අනික් ඔක්කොම විසිතුරු මාලු සෑහෙන කාලයක් ටැන්කිවල අභිජනනය උන මාලු , මේ මාලු ස්වභාවික පරිසරයේ හිටපු අය නෙවෙයි. Wild caught පිටරට මාලුවෙක් උනත් මෙහෙ පරිසරේ කොටසක් නෙවෙයි , ඒ මාලුන්ව නම් කවුරුත් ලේසියෙන් ගඟකට දාන්නෙ නෑ උන්ගෙ මිල වැඩි නිසා.
මෙහෙම ස්වභාවික පරිසර පද්ධති වලට නිදහස් වෙන සමහරක් මාලු ඒවයෙ ඉන්න දේශීය මාලුන්ගෙ ගොදුරු උනත් විශේෂයෙන්ම මාංශභක්ෂක මසුන් වර්ග වලට මේ පරිසර පද්ධතිවල විලෝපිකයෙක් නැති නිසා හොඳට බෝවෙන්න හැකියාව ලැබෙනව වගේම උන් ඒ පරිසරේ ඉන්න ස්වභාවික මාලුන්වත් ආහාරයට ගන්නවා. ඒ වගේම ලංකාවෙ ඉන්න ගොඩක් විසිතුරු මාලු සමකයාසන්න රටවලින් ( tropical ) එන මාලු වර්ග නිසා උන්ට අපේ පරිසරේට ලේසියෙන්ම අනුගත වෙන්න හැකියාවත් ලැබෙනවා. මේ වෙනකොට අපේ රටේ ස්වභාවික ජලජ පද්ධතිවල ඉන්න ආක්රමණික මාලු වර්ග ගත්තොත්
- ටැන්කි සුද්දා ( common pleco )
- මන්නයා ( knife fish )
- Red jewel cichlid
- Mayan cichlid
- හොනට් තිලාපි
- මාබල් කැට්ෆිෂ්
- පාකු
Aligator gar සහ ඊට අමතරව ඉබ්බන් විශේෂයක් වෙන රතුකන් ඉබ්බා ( Red eared slider) හඳුනගෙන තියෙනව, සමහරවිට තව ඉන්නත් පුලුවන්. ඉතින් මේක තවත් වැඩිවෙන වළක්වන්න පුලුවන්කම තියෙන්නෙත් මාලු ඇතිකරන අපිටම තමයි. පළවෙනි දේ මාලුවෙක් ගන්නකොට අපිට ඒ මාලුව ලොකු වෙද්දි දාන්න ඉඩ පහසුකම් තියෙන ටැන්කියක් තියෙනවද බලන්න ඕනි, ඒ වගේම ගන්න කලින් මාලුවා ගැන හොඳ අධ්‍යනයක් කරන්න
උපුටා ගැනීමකි