අදටත් නොවිසදුණු බර්මියුඩා ත්‍රිකෝණය ගැන ඔබ නොදත් රහස් රැසක් මෙන්න...

By Subodha Aug 17, 2022 06:47 AM GMT
Subodha

Subodha

in රචනා
Report

බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස අදටත් කිසිවෙකුටත් විසදා ගත නොහැකි ය. මෙම බර්මියුඩා ත්‍රිකෝණය යක්ෂයාගේ ත්‍රිකෝණය ලෙසින්ද හඳුන්වනු ලබන අතර එය උතුරු අත්ලාන්තික් සාගරයේ බටහිර කොටසේ අද්භූත තත්වයන් යටතේ ගුවන් යානා සහ නැව් ගණනාවක් අතුරුදහන් වූ බව කියනු ලබන කලාපයක් බව කියති.

20 වැනි සියවසේ මැද භාගයේදී මෙම ප්‍රදේශය අතුරුදහන්වීම්වලට අනන්‍ය වූ ප්‍රදේශයක් යන අදහස මතු වූ නමුත් බොහෝ පිළිගත් මූලාශ්‍ර යම් අභිරහසක් ඇතැයි යන අදහස බැහැර කරයි. දශක ගණනාවක් තිස්සේ අත්ලාන්තික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණය නැව් ගුවන් යානා සහ මිනිසුන්ගේ පැහැදිලි කළ නොහැකි අතුරුදහන්වීම් සමඟ මිනිස් පරිකල්පනය ග්‍රහණය කර ගෙන ඇත.

පිටසක්වල ජීවීන් අධ්‍යයනය සඳහා මිනිසුන් අල්ලා ගැනීම වැනි පැහැදිලි කළ නොහැකි අතුරුදහන්වීම් සඳහා නොදන්නා සහ අද්භූත බලවේග හේතු වන බව සමහරු අනුමාන කරති.

තවත් සමහරෙක් මේවාට සාගර වායුව (සාගර අවසාදිත වලින් මීතේන් වායුව පුපුරා යාම) සහ ප්‍රවාහයේ භූ චුම්භක රේඛාවල බාධා කිරීම් ඇතුළත් වේ යැයි පවසති.

තවත් සමහරුන් ප්‍රකාශ කළේ බර්මුඩා ත්‍රිකෝණ ප්‍රදේශයේ සාගරයෙහි ජීවත්වන විශාල අත්භූත සත්වයකු විසින් නැව් හා ගුවන්යානා විනාශ කරන බවය.

තවත් මතයක් වූයේ මෙහි ජීවත්වන විශාල බූවල්ලකු විසින් මෙම විනාශය සිදුකරන බවය.

විඥයන් පවසන්නේ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට ප‍්‍රදේශයේ පවතින හෙක්සෝජන් වළාකුළු දැවැන්ත නැව් සහ ගුවන් යානා ක්ෂණිකව ඇද ගන්නා අතර ඒවා පැයට කිලෝමීටර් ලක්ෂ ගණනට වේගයෙන් කරකවා මුහුදු පත්ල වෙත ඇද ගෙන ඇති බවත් සමහර විට එම වේගයට ඔරෝත්තු දිය නොහැකි මෙම යානා සුණුවිසුණු වී යන්නට ඇති බවත්ය.

කෙසේ වෙතත් අදටත් අබිරහසක් වන මෙම බර්මියුඩා ත්‍රිකෝණයේ මායිම් විදහා දක්වන නිල සිතියම් කිසිවක් නොපවති. එක්සත් ජනපද භූගෝලීය නාම මණ්ඩලය බර්මියුඩා ත්‍රිකෝණය නිල නාමයක් ලෙස හඳුනා නොගන්නා අතර ප්‍රදේශය පිළිබඳ නිල ගොනුවක් පවත්වාගෙන යන්නේ නැත. කෙසේ වෙතත් අත්ලාන්තික් සාගරයේ ෆ්ලොරිඩාව, බර්මියුඩාව සහ පුවටෝ රිකෝ දූපත් අතර ත‍්‍රිකෝණයක් සලකුණු කළහොත් එම ත‍්‍රිකෝණයට මැදිවන ප‍්‍රදේශය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස හඳුන්වා තිබෙන බව බොහෝ අයගේ මතයයි.

බර්මියුඩා ත‍්‍රිකෝණය පසුගිය වසර 100 තුළ එක් දිනකට ගුවන් යානා 4ක් සහ නැව් හෝ බෝට්ටු 20 බැගින් මෙම ස්ථානයේ දී අතුරුදන්ව ඇති බව මේ පිළිබඳව පර්යේෂණය කරන පර්යේෂකයන්ගේ අදහසයි. එමෙන්ම ගතවූ අවුරුදු 100 තුළ මෙම ස්ථානයේ දී අතුරුදන් වූ යානාවල සිටි නියමුවන් සහ නාවිකයන් ගණන දහස ඉක්මවයි. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස අතුරුදන්වන නැව්වල හෝ අහස් යානාවල සුන්බුන් පවා කිසිදා සොයා ගන්නට නොහැකි වීමයි.

බර්මියුඩා ත්‍රිකෝණයේ දී අතුරුදන් වූ බොහොමයක් නැව්වල සිටි නාවිකයන් සහ ගුවන් යානාවල සිටි නියමුවන් අතුරුදන් වීමට මොහොතකට පෙර ප‍්‍රධාන පාලක මැදිරි සමග හුවමාරු කරගත් පණිවිඩ බොහෝ දුරට එක සමාන පණිවුඩ එවා තිබීම විශේෂත්වයකි.

‘‘මා ඉදිරියෙන් මහා දැවැන්ත කළුපාට වළාකුලක් පෙනෙනවා. ඒකෙන් මුළු අහසම වැහිලා ගිහින් තියෙන්නෙ. හිතා ගන්නවත් බෑ ඒක මොකක්ද කියලා. දැන් ඒක ටික ටික අපි ඉන්න පැත්තට ළං වෙනවා...’’

“ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට…”

‘‘මගේ ඉදිරි මාර්ගය අවහිරයි. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. ලොකු කළු පාට යමක් අපි දෙසට එනවා. වළාකුලක් වගේ හැඩයක් තියෙනවා. ඒත් ඒක වළාකුලක් නෙවෙයි...’’

"අපි සුදු වතුරට ඇතුළු වෙනවා, කිසිවක් හරි නැති බව පෙනේ, අපි කොහේදැයි අපි නොදනිමු, ජලය කොළ පාටයි, සුදු නැත..."

මෙලෙස විවිධ පණිවිඩ පාලක මැදිරි වෙත ලැබී තිබී ඇත. නමුත් මෙම කිසිදු පණිවිඩයක් සර්ව සම්පූර්ණ නොවිය.

විවිධ අය විවිධ අදහස් පල කලත් පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 456 වන ජාතකය වූ සූප්පාර ජාතකයේ දී ‘වළබා මුඛ / වඩබා මුඛ’ ලෙස එක්තරා ප‍්‍රදේශයක් පෙන්වා දී තිබේ.

එම ප‍්‍රදේශයේ වේලි බිඳගෙන එන දියපහර සේ සිව්දිගින් මහා දිය රළ පැමිණෙන බවත්, කන් බිහිරි කරවන, ළය පැළී යන තරම් බියජනක ශබ්ද ඇති බවත්, එක් පසෙක මහා රළක් නැගෙද්දී අනෙක් පස තෙරක් නො පෙනෙන දිය සිඳුණු ප‍්‍රපාත ඇති වන බවත් පවසා තිබේ. වළබාමුඛනම් මේ සමුද්‍රයට පැමිණ කෙණෙකුන්නේ ආපසුයාමෙක් නම් නැත මේ සම්පත හා නැව ගලා විනාශයට පමුණුවන්නේයයි කීහ.

මීට දෙදහස් පන්සිය වසරකට පෙර අප සම්බුදු සමිඳුන් තිලෝගුරු ඥනයෙන් දැක කළ පැහැදිලි කිරීමකින් හෙළි වූයේ බර්මියුඩාවේ අබිරහස දැයි මට සිතේ.

අදටත් හරි හැටි ලෝක බලවතුන් කිසිවෙකුටත් සොයා ගත නොහැකි බර්මියුඩා ත්‍රිකෝණය රහස දිනක හරියටම සොයා ගත හැකි තරම් විද්‍යාව දියුණු විය හැකිය. සාගරය සැමවිටම මිනිසුන්ට අද්භූත ස්ථානයක් වී ඇති අතර නරක කාලගුණය හෝ දුර්වල සංචාලනය සම්බන්ධ වූ විට එය ඉතා මාරාන්තික ස්ථානයක් විය හැකිය. මෙය ලොව පුරා සත්‍යයකි. බර්මියුඩා ත්‍රිකෝණයේ වෙනත් විශාල හොඳින් ගමන් කළ සාගරයේ ප්‍රදේශයකට වඩා වැඩි සංඛ්‍යාතයකින් අද්භූත අතුරුදන්වීම් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැත.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග
Join now