කොස් ගස නැතිනම් බත් ගසේ වරකා සතු ගුණ ගැන ඔබ දන්නවාද...?
කොස් ගස නැතිනම් බත් ගස යනුවෙන් ඈත අතිතයේ සිය හදුන්වන මෙම ගසේ ඵල විවිධ කාලයට විවිධ ආකාරයෙන් ආහාරය ගනු ලබයි. කුඩා කල පොලොස් නමින්ද මොරපු පසු කිරි කොස් යන නමින්ද ඉදුණු පසු වරකා යන විවිධ නම් වලින් මෙම පලතුර හදුන්වනු ලැබේ. මෙය පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැති මුත් බත් ගසේ මිහිරි ඵලයක්වන වැල සහ වරකා වලට ඒ අතුරින් මූලික තැනක් හිමිවේ.
වැල යනු කොස්ගසෙහි ස්ත්‍රී ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් වරකා යනු පුරුෂ ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් ජනප්රවාදයේ පැවැසේ. මෙහි ඇති ආවේණික පැණි රසය නිසා මෙය පලතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා. මෙහි ඇති වාසිදායකම කාරණය වනුයේ ඉතාමත්ම අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීමයි.
වරකා කියපු ගමන් එහි රසයට අපි හැමෝම කැමති. නමුත් මේවා වැඩි වශයෙන් ගස් වල හට ගන්නා නිසා බොහෝ විට ගස් යට වැටි අපතේ යන අවස්ථා දකින්නට හැකි වනවා. වැල මදුලත් වරකා මදුලත් මියුරු මී පැණියෙන් රසයක් අඩංගු අතර මිහිරි සුවදකින්ද යුක්ත වනවා. ශාරීරික ශක්තියක් ලබාදෙන වස විසෙන් තොර ඉතාමත්ම ප්‍රියජනක පලතුරක් ලෙස බොහෝ දෙනා හදුන්වනු ලබනවා.
කෙසේ වෙතත් මෙම පැණි වරකා සතු ගුණ ගැනයි අපි මේ කතා කරන්න යන්නේ.
- විටමින් පෝෂ්‍යපදාර්ථ බොහොමයක් අඩංගු පලතුරකි.
- වරකා මදුලු කෝප්පයක් ගත හොත් එහි කැලරි 155 ක් පමණ ප්‍රමාණයක් ඇත.
- සීනි වර්ගයන් අඩංගු බැවින් ශරීරයට සීනි අවශ්‍ය අයට ආහාරයට ගැනීමට සුදුසුය.
- පුද්ගලයකුට දෛනික අවශ්‍ය විටමින් අවශ්‍යතාවයෙන් 25 ක් හා 11 තන්තු ප්‍රමාණයක් වරකා මදුලු කෝප්පයක අඩංගුය.
- පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇත.
- වරකා ආහාරයට ගැනීමෙන් ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් කාන්තාවන්ගේ සෞඛ්‍යයට ලැබේ.
- ආමාශය මහබඩවැල්, කුඩා බඩවැල් වැනි ඉන්ද්රියයන්හි වියළි ස්වභාවය අඩුකර තෙත් ස්වභාවයක් ඇති කර එම ඉන්ද්රියයන් පිරිසිදු කිරීමේ හැකියාවද ඇතිවේ.
- මල බද්ධය නැති කර මල පිටවීම හොඳින් සිදු කර ගැනීමට හැකිවේ.
- ශරීරය ශක්තිමත් වීම අක්මාව ශක්තිමත් කරයි.
- හමේ පැහැපත් බවක් ඇති කරයි.
- කිරිමව්වරුන්ගේ කිරි පිරිසිදු කරයි.
- මතක ශක්තිය හා ධාරණ ශක්තිය වර්ධනය කරයි.
- ගැබිනි සමයේ වරකා ආහාරයට ගැනීමෙන් දරු ප්‍රසූතිය පහසුවේ.
- මඳසරුභාවයට පිළියමක් ලෙස සුදුසුය.
- පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනය කිරීමට ද සමත් ආහාරයකි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |