පාසල් සිසුන් පිරිසක් හදිසියේම රෝහල් ගත කළ සිදුවීම.

Matara Accident
By Sithumini Aug 30, 2024 09:22 AM GMT
Report


පාසල් සිසුන් 100කට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීමක් දෙනියායෙන් වාර්තා වනවා.

ඒ පට්ටිගල පර්සි අබේවර්ධන විද්‍යාලයේ සිසුන් පිරිසකට වන අර්හර ඔවුන්කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

පාසල අසල ඉඩමක ගසක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් පාසල් සිසුන් මෙන්ම පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද ප්‍රහාරයට ලක්වූ බව සදහන්. සිසුන් 70 දෙනෙකු මේ වන විට තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන් කළ අප වාර්තාකරු පැවසුවේ අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහෙල්න් පිටව ගොස් ඇති බවයි.

කෙසේවෙතත් ගුරුවරුන් සහ එම වේලාවේ පා⁣සලේ සිටි මව්පියන් දරුවන් කඩිනමින් ආරක්ෂිත පන්තිවලට සහ විදුහල්පති කාමරයට මෙන්ම පරිගණක ඒකකයට යවා එළියේ ගිනිමැල ගසා බඹරුන් පළවා හැරීමට කටයුතු කර තිබෙනවා.