හිමිනමක්ව අතිශය බිහිසුණු ලෙස ඝාතනය කෙරේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 30, 2023 04:15 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොතුහැර, ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමියන්ව තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබේ.

එම ඝාතනය ඊයේ (29) රාත්‍රීයේ සිදුකර ඇති බව පොතුහැර පොලීසිය පවසයි. 64 හැවිරිදි සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදී එසේ ඝාතනයට ලක්වී ඇත.

තොරතුරු අනාවරණයවී තිබෙන්නේ,මෙම හිමියන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවටයි.

මිය ගිය දිනද රාත්‍රී කාලයේ හිමියන් හමුවීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇති අතර නිවස රැකබලා ගන්නා යුවළටද නිවසින් පිටව යන ලෙස පවසා හිමියන් විහාරස්ථානයේ සිට තම නිවසට පැමිණ ඇති බවත් පොලීසිය කියයි.

එදින රාත්‍රියේ හිමිනමගේ ගෙල පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවද හිමිනම සමඟ සිටි පුද්ගලයා එම ඝාතනයට සම්බන්ධ බවටද පොලීසිය සැක කරයි. සැකකරුවන් කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පරිස්සමෙන් ... මන්න පිහි පෙන්වා කාන්තාවන්ගේ මාල කොල්ලකෑ දෙදෙනෙකුට සිදුවූ දේ..

පරිස්සමෙන් ... මන්න පිහි පෙන්වා කාන්තාවන්ගේ මාල කොල්ලකෑ දෙදෙනෙකුට සිදුවූ දේ..