අම්මාගේ නිවසට යමින් සිටි පුතාට වෙඩි..

Sri Lanka Crime Gun Shooting
By Sewvandhi Aug 25, 2023 11:24 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.ඒ බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දීය.

මෙහිදී තුවාල ලබා ඇත්තේ ඵම ප්‍රදේශයේම පදිංචි ජානක පුෂ්පකුමාර නැමැති 43 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.ඔහු මුදල් පොලියට දෙන රැකියාවක යෙදෙන අයෙකි .

තම මවගේ නිවසට පැමිණෙමින් සිටියේ දී යතුරුපැදියකින් පැමිණ මෙලෙස වෙඩි තබා ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා මේ පිළිබඳව තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.