මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු බැංකු කළමනාකාරවරියට පිහියෙන් ඇන පලායයි

Sri Lanka Police Sri Lanka Crime
By Sithumi Jun 03, 2022 12:26 PM GMT
Report

බිබිල හෙවෙල්වල සමුපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරිය ට පිහියකින් ඇන තුවාල කළ පුද්ගලයකු සොයා බිබිල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇය අද උදෑසන සිය සේවා ස්ථානයේ සේවය කරමින් සිටියදී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරගෙන පැමිණි පුද්ගලයෙකු ඇයට පිහියෙන් ඇන පලා ගිය බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ බැංකු කළමනාකාරවරිය බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ බිබිල කොටගම සමුපකාර සමිතියට අයත් හෙවෙල්වල සමුපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරියයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු සොයා මේ වන විට බිබිල පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now