ලංගම කොන්දොස්තරවරුන්ට – රියදුරන්ට එල්ලවන මැර ප්‍රහාර ගැන ඇමති බන්දුල කිව්ව කතාව

CID - Sri Lanka Police Sri Lanka Police
By Sithumi May 18, 2023 05:34 PM GMT
Report

දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් ලංගම කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට මැර ප්‍රහාර එල්ලවන බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

  වාර්තාවන්නේ ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට සහ පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි.

ඒ සම්බන්ධව අමාත්‍යවරයා විසින් ලිපියක්ද නිකුත් කර තිබෙන අතට පාසල් සිසුන් සහ රැකියා සඳහා ගමන් කරන පිරිසගේ පහසුවට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක් සහ අලුත්වැඩියා කරන ලද බස් රථ 400ක් ධාවනයට එක්කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන්වන්නේ.

ඒ හේතුවෙන් එම මාර්ගයන්හි ගමන්කරන ලංගම බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පටු ලාභ ප්‍රයෝජන පමණක් අපේක්ෂා කරන පිරිසගෙන් අමානුෂික ප්‍රහාර එල්ල වී ඇති බව එම ලිපියෙහි සඳහන්වනවා.