අනතුරක් මැද සිදුවූ ඇග හිරිවැටෙන බිහිසුණු අනතුර - පිරිසකට දිවි අහිමිකරයි..(CCTV VIDEO)

Sri Lanka India Accident
By Sewvandhi Oct 06, 2022 02:03 AM GMT
Report

අනතුරකට පසුව එම ස්ථානයේම සිදුවූ තවත් බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ අනතුර වාර්තාවන්නේ ඉන්දියාවේ මුම්බායි හි Bandra-Worli පාලම මතදීය.

මෙම මාරක අනතුර සිදුවන්නට පෙර එම ස්ථානයේ වෙනත් රිය අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල්ගතකිරීමට සඳහා අදාළ ස්ථානයට ගිලන් රථයක් පැමිණ ඇති අතර අනතුරින් පසුව තවත් පිරිසක් ද එම ස්ථානයට රැස්ව සිට තිබේ.

එම අවස්ථාවේදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් අධික වේගයෙන් පැමිණි වෙනත් මෝටර් රථයක් එම පිරිස අනතුරට ලක්කරමින් ගිලන් රථයේද ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම අනතුරින් තවත් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. එම අනතුර CCTV කැමරාවක පටිගතව තිබූ අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now