"..වස බොනකන් තියුණු ආයුධයකින් පහර දීලා..? " බණ්ඩාරවෙල බිහිසුණු ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 25, 2023 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක තිබී, තියුණු ආයුධයකින් පහරදී වස පානය කිරීමට සලසා ඝාතනය කරන ලද බවට සැකකෙරෙන කාන්තා මළසිරුරක් බණ්ඩාරවෙල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, 40 හැවිරිදි ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.ඊයේ (24) පස්වරුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කර ඇති බවට බණ්ඩාරවෙල පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

අදාළ කාන්තාව ඊයේ දිනයේදී පනස් හැවිරිදි කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අදාළ හෝටලයට ගෙන්වාගෙන ඇති බවයි පොලිස් විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ.

පුද්ගලයා හදිසියේ හෝටලයෙන් පිටව යාමේදී ඇතිවූ සැකය මත හෝටලයේ සේවකයින් විසින් ඔවුන් සිටි කාමරය පරීක්ෂා කර තිබේ. එහිදී අදාළ කාන්තාවගේ මළසිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කරන්නේ, තියුණු ආයුධයකින් පහරදීමක් හා වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි. එලෙස ඝාතනය කර තිබුණේ 40 හැවිරිදි ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර ඝාතනය සිදුකළ බවට සැක කරන පුද්ගලයා විසින් ලියන ලද බවට සැක කරන ලිපියක් ද පොලීසිය විසින් අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

මියගිය කාන්තාව හා සැකකාර පුද්ගලයා යන දෙදෙනාම විවාහක බවද පොලීසිය සඳහන් කරයි. පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.