හෝටලයක් තුළ කාන්තාවක් බිහිසුණු ලෙස ඝාතනය කෙරේ..!
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී බණ්ඩාරවෙල ප්රදේශයේ හෝටලයක් තුළදී ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
තියුණු ආයුධයකින් කළ පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි, පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
මියගොස් ඇත්තේ, වයස අවුරුදු 40ක කාන්තාවක් බව වාර්තා වී ඇත.
මියගිය කාන්තාව පිරිමි පුද්ගලයකු සමඟ මෙම හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණ ඇති අතර, මෙම ඝාතනය එම පිරිමි පුද්ගලයා විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.