දැරියන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගැනීමට ගිය ගුරුවරයා - දැනුවත්වන්න..!

Child Abuse Crime
By Sewvandhi Oct 26, 2023 06:31 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මව්පියන් විසින් දැරියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට උත්සාහ කළ බව කියන බණ්ඩාරවෙල ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙකු අල්ලාගෙන  පොලීසියට භාරදී තිබේ.

තවද, අවුරුදු 02ත්  07ත් අතර වයස්වල පසුවන දරුවන්ගේ නිරුවත් ඡායාරූප සහ යම් යම් ලිංගික දර්ශන පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භකර තිබේ.

ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කරන මෙම ජාවාරම හරහා වීඩියෝවක් රුපියල් 1,000 සිට විවිධ මිල ගණන්වලට අලෙවි කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇත.

ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම අයුරින් මේවා සිදු කරන බැවින් දරුවන් උපයෝගී කරගන්නා ආකාරය සහ යොදාගන්නා ස්ථාන පිළිබඳ නිශ්චිතව තොරතුරු අනාවරණය කිරීමට හැකියාවක් නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබේ.