මත්පැන් සාදයක් නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතනය.. බිහිසුණු සිදුවීමේ ප්‍රභල සිද්දිය

By Sithumi Oct 24, 2023 04:12 PM GMT
Report

බණ්ඩාරගම සමරනායක පාරේ නවාතැන් පොළක පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව සැකකටයුතු ලෙස තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ජාතික ජල ජලසම්පාදන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය සපයන ආයතනයක සේවය කරන අගල වත්ත සඳගිරි කන්ද ඕමත්ත පාර පදිංචිව සිටි රවීදු හසිත් ආරියවංශ 24 අවිවාහක තරුණයෙක් වනවා.

මියගිය තරුණයා සහ එම ආයතනයේ සේවය කරන තවත් පුද්ගලයකු නැවතීම සඳහා ලබා දී තිබූ නවාතැන් පොලේ රැඳී සිට ඇති අතර දෙදෙනා මත්පැන් බෝතලයක් ගෙන සවස පානය කර ඇතැයි පොලිසිය පවසනවා.

සවස හයට පමණ ලද දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම සඳහා මියගිය අය උඩුමහලට ගොස් ඇති අතර අනෙක් පුද්ගලයාට පහළ මහලේ නින්ද ගොස් තිබී ඇතැයි පොලිසිය පවසන අතර අලූයම එකට පමණ ඔහුට අවදි වීමෙන් අනතුරුව උඩුමහලේ විදුලි බල්බ දල්වා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට සඳහා ගිය අවස්ථාවේදී මියගිය පුද්ගලයා මුනින් අතට වැටී සිටින අයුරු දැක ද විමසිලිමත් වීමේ දී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරුත් මුත්‍රා පහ ව තිබෙන අයුරුත් දැක දුරකථනයෙන් අසල්වාසී නිවසට ඒ බව පවසා තිබූ බව පොලිසිය පවසනවා

ඔවුන් විසින්1990 සුවසැරිය ගිලන් රථ සේවාව වෙත දැනුම් දීමෙන් අනතුරුව එහි සෞඛ්‍යය සේවකයන් පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව තරුණයා මියගොස් ඇති බවට දැනුම් දී තිබෙනවා. පාණදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර යේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වුවා.