දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් තම දස හැවිරිදි පුතු ඝාතනය කරයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Oct 28, 2022 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් සිය 10 හැවිරිදි පුත්‍රයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තම බිරිඳ සමග ඊයේ(27) රාත්‍රියේ බහින්බස් විමක් සිදුව ඇති අතර, එය දුරදිග යාමෙන් පසුව සැකකරු තියුණු ආයුධයකින් බිරිඳට පහරදීමට උත්සාහ කර ඇති අතර එහිදී ඊට මැදි වීම හේතුවෙනුයි එම පුත්‍රයා මිය ගොස් ඇත්තේ.

ගැටුම අවස්ථාවේ අනපේක්ෂිත ලෙස මෙම දරුවාගේ හිසට පිහියක් වැනි තියුණු ආයුධය එල්ල විමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා මොරවක කොස්නිල්ගොඩ රෝහලට ඇතුලත් කර තිබූ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි අද(28) පෙරවරුවේ එම දරුවා මියගොස් තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now