තවත් බිහිසුණු වෙඩි තැබීමක්..!

Sri Lanka Sri Lanka Police Investigation Gun Shooting
By Sewvandhi Aug 07, 2023 01:25 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ බම්බලපිටිය මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වෙඩිතැබීමක් සිදුව ඇති බවයි.

එහෙනම් මෙහිදී, වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරය එල්ලවීමත් සමඟ එම වෑන් රථය සහ මෝටර් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය එම ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු කිහිපයක් සොයාගෙන තිබේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.