දරුවා හැප්පු රියදුරු ඇල්ලීමට ගිය පියාවත් ලයිට් කණුවක හප්පා මරා දාලා - අතිශය සංවේදී දර්ශන සහිතයි..(CCTV VIDEO)

Sri Lanka Police Investigation Crime Accident Murder Latest Headlines
By Sewvandhi Aug 02, 2024 12:39 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 බලන්ගොඩ නගරයේදී යතුරුපැදියක් අනතුරට ලක්කර සත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පළාගිය ලොරි රථයක් ලුහුබැඳ ගිය පියාව ද අනතුරට ලක්කර ඝාතනය කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

අනතුරට ලක්වූ දැරියගේ පියා යතුරුපැදියෙන් ලොරිය ලුහුබැඳ ගොස් ලොරියේ රියදුරු අසුන පැත්තේ ඇති වීදුරුවේ එල්ලී රියදුරුව අල්ලා ගැනීමට උත්සාහ දරයි.

එහිදී ලොරි රථයේ රියදුරුව අල්ලා ගැනීමට දැරියගේ පියා උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු විසින් නොනවත්වා ලොරිය ඉදිරියට ධාවනය කරයි.

ඉන් අනතුරුව ලොරි රථයේ රියදුරු බලන්ගොඩ, කහටපිටිය මාර්ගයේ දී දැරියගේ පියාව විදුලි කණුවක හප්පා පළා ගොස් තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිලිණ රංගලාල් නැමති 32 හැවිරිදි පියෙකු බව පොලීසිය පැවසීය.

දැරියව බල්ලෙකු සපා කා ඇති අතර, පියා සහ මව යතුරුපැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට ගොස් නැවත එමින් සිටිය දී නෙල්ලි මිල දී ගැනීම සඳහා බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරුපැදිය ධාවනය කරන අතරතුර මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබු දරුවා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන මෙන් පවසා සැමියා ලොරි රථය පිටුපස ලුහුබැඳ ගිය බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසීය.

"ලොකු ලොරියක් ආවා. එන විදියටම මම කෑගැහුවා නවත්තන්න කියලා බයික් එක. ඒ ගමන නවත්තලා තියෙද්දිම ලොරිය වද්දගෙන ගියා. ලොරියේ මැද හරිය වදිනකොටම දරුවා කෑ ගැහුවා අප්පච්චි මගේ කකුල කියලා. ඒ කියනකොටම දරුවායි මායි බැස්සා. ගොඩක් අය වට වුණා. මහත්තයා කිව්වා ඔයා දරුවා අරන් හොස්පිටල් යන්න කියලා. මම ඉක්මනටම අරූ අල්ලගෙන එන්නම් කියලා.

ඇහිපිල්ලම් ගහන පරක්කුවෙන් ඒ මිනිහා ගියා. හැරෙව්වා විතරයි එතැනින් එහාට මම දැක්කේ නෑ. මගේ මහත්තයාව ලයිට් කණුවේ හප්පලා මරලා දාලා ගිහින්. මට ඕනේ සාධාරණයක් වෙන්න. මගේ මහත්තයා කුලී වැඩ කරලා හම්බකරලා අපි දෙන්නට කන්න දෙන්නේ. දරුවාට අසීමිත ආදරයක් තියෙන්නේ. දරුවා වෙනුවෙන් එයා මැරෙන්න වුණත් එයා ලෑස්තියි. මගේ දරුවාට තාත්තෙක් ගෙනත් දෙන්න."  (උපුටාගැනීමක්)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%