පිටි මිල අඩුවුණත් පාන් මිල ගැන බේකරි හිමියන් කියන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 21, 2022 09:38 AM GMT
Report

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පහත දැමුව ද පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය යළි ප්‍රකාශ කළේ ය.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක විසින් තිරිඟු පිටි මිල පහත දමන තුරු එලෙස පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවය.