යතුරුපැදියක් ගසක වැදී ඇළට පෙරලීමෙන් සිසුවෙකු මරුට..තවත් සිසුන් 02ක් රෝහලේ.

Accident Sri Lanka School children Dabulla
By Aruna Dec 29, 2021 06:01 AM GMT
Report

දඹුල්ල - කලුන්දෑව - පරණගම ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය අසළ තිබූ ගසක ගැටී ඇළ මාර්ගයකට පෙරලීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ(28) පස්වරුවේ යතුරුපැදි දෙකකින් සිසුන් 06 දෙනෙකු දඹුල්ල - කලුන්දෑව ප්‍රදේශයේ ඇළ මාර්ගය ඔස්සේ වැටී ඇති මාර්ගයේ මිතුරෙකුගේ නිවසට ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බවයි, පොලිසිය සදහන් කළේ.

දඹුල්ල - පහළ ඇරැවුල ප්‍රදේශයේ පදිංචි රශ්මික දිනේෂ් සත්සර නැමැති 14 හැවිරිදි සිසුවෙකු අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබු එක් සිසුවෙක් දඹූල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජිවිතක්ෂයට පත්වු සිසුවාගේ සිරුර කලුන්දැව ඇල මාර්ගයේ කිලෝමිටරයක් පමණ දුරට ගසාගෙන ගොස් තිබියදී ගම්වාසීන්ට හමුව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now