ෆේස්බුක් පෙම්වතා සරුංගල් කන්දට රැගෙන ගොස් පාසල් සිසුවියට සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය - සිසුවියගෙන් මවට හා මිතුරියන්ට සංවේදී පණිවිඩ..(VIDEO)
බදුල්ල ප්‍රදේශයෙන් තරුණයෙකු අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගත් පුවතක් වාර්තාවිය.
මෙහිදී මෙම සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් 20 හැවිරිදි වියේ පසුවන සැකකාර තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ නෙතූ හසරංගි නමැති,11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. තොරතුරු අනාවරණය වී ඇත්තේ මුහුණුපොත හරහා දින හතරකට පෙර හඳුනාගන්නා තරුණයෙකු ඇයව ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් බදුල්ල රිදීපාන සරුංගල් කන්ද ප්‍රදේශයට රැගෙනගොස් දූෂණයට ලක්කර ඇති බවය.
ඉන්ප්සු සිසුවිය මෙම අපරාධය පිළිබඳව තමන්ගේ මිතුරියන් දෙදෙනෙකුට සහ මවට කෙටි පණිවුඩයකින් දැනුම්දී තිබේ. අනතුරුව නිවසට පැමිණි පාසල් දැරිය සිය මිත්තණියගේ අධි රුධිර පීඩනය සඳහා ලබාගන්නා බෙහෙත් පෙති ගෙන පානය කර සියදිවි හානිකරගෙන තිබේ.