බිළිඳු මළ සිරුරක් වෙරළකින් හමු වෙයි.. දරුවන් 06 කගේ මවක් ගැන සැකයක්..(PHOTOS)
බිළිඳු මළ සිරුරක් මුතුපන්තිය වෙරළට ගොඩගසා තිබිය දී සොයාගත් බව ආරචිකට්ටුව පොලීසිය අවධාරණය කරනවා. පොලීසිය සඳහන් කළේ, පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (24) මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි.
මේ අතර වෙරළට ගොඩගසා තිබූ බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති බවයි ආරච්චිකට්ටුව පොලීසිය කියා සිටියේ.
මේ අතර දරු ප්‍රසූතියක් සිදුකර එලෙස බිහිකළ බිළිඳා නොමැතිව නිවසේ අසාධ්‍ය තත්ත්වයෙන් රැදී සිටි කාන්තාවක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක්ද වාර්තා වේ.
අප වාර්තාකරු සඳහන් කළේ, අත්අඩංගුවට ගැනුණු කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව හලාවත, දැදුරුඔය, ජල ටැංකිය ගම්මානයේ පදිංචිව සිටි 36 හැවිරිදි තැනැත්තියක් බවයි පැවසෙන්නේ.
මෙම කාන්තාව පසුගිය දිනවල දරුවෙකු ලැබීමට ආසන්න තත්ත්තවයේ සිටි බවත්, දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවන බව පවසා නිවසින් පිටත්ව ගොස් තනිවම ආපසු නිවසට පැමිණ ඇති බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙන බවද පැවසේ.
ඒ, අනුව සිදුකළ සොයාබැලීමෙන් අනතුරුව සැකකාර කත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ. මෙම කාන්තාව මේ වන විට දරුවන් 06 දෙනෙකු ප්‍රසූත කර ඇති නමුත්, ඒ එකම දරුවෙකු හෝ ඇය සමඟ වාසය නොකරන බව ද පොලීසිය අනාවරණය කරගෙන ඇත.
පසුගිය දිනයේ තමන් විසින් ප්‍රසූත කළ දරුවා සම්බන්ධයෙන් ද මෙම කාන්තාව විසින් කිසිඳු ප්‍රකාශයක් මේ වන තුරු සිදුකර නොමැති බවයි පොලිසිය පවසා සිටින්නේ.
තමන් ප්‍රසූත කළ දරුවා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව සම්බන්ධයෙන් හලාවත මහේස්ත්‍රාත්වරයා හමුවට කරුණු ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.