පියාගේ ජීවිතය උදුරාගත් දියණියගේ ප්‍රේමය

Crime
By Sewvandhi Jul 08, 2023 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

තියුණු ආයුධයකින් පහරදී අවිස්සාවේල්ල, බදුවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයාගේ දියණිය ද පහර කෑමට ලක්වී අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන්ගේ නිවසේ නතරවී සිට ඇති තරුණයෙකු දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර දෙදෙනා අතර ඇතිවු ආරවුලකදී තරුණයා විසින් එම තරුණියට තියුණු ආයුධයකින් පහර දී ඇත.

ඊට මැදිහත් වු තරුණියගේ පියාට ද තරුණයා පහර දී තිබේ. එහිදී පහර කෑමට ලක්වු ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 60 හැවිරිදි පියා මියගොස් ඇත.

සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.