දෙඅත් කපා රැගෙන ගිය සාහසික ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 22, 2023 03:49 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මොරටුව ප්‍රදේශයෙන්, පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා තමාට පහරදුන් පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගිය අයකු පිළිබඳ පුවතක් වාර්තාවී තිබුණි. පොලීසිය සදහන් කලේ ,අත් කපාදැමීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

ඊයේ (21) පස්වරුවේ මෙම සාහසික පහරදීම සිදුවී තිබුණේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදීය. එහිදී පුද්ගලයෙකු පැමිණ තවත් පුද්ගලයෙකුට මන්නා පිහියකින් පහර දෙන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාව සටහන්වී තිබුණි. එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ පහරදුන් පුද්ගලයා හා පහර කෑ පුද්ගලයා අතර පෙර දිනක බීමත්ව සිටියදී ගැටුමක් සිදුවී ඇති බවය. 

 ඊට පළිගැනීමක් ලෙස කොරලවැල්ල ප්‍රදේශයේම පදිංචි පහරදුන් පුද්ගලයා මෙම දෙඅත් කාපා එම කොටස් රැගෙන ප්‍රදේශයෙන් ද පළාගොස් ඇත.

ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන් වනසේ කපා දැමුව ද එය පසුව රෝහලේදී බද්ද කිරීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා එම කොටස් රැගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now