ආරක්ෂක අංශ බලාසිටියදී ප්‍රසිද්ධියේ මාධ්‍යවේදියෙකුට පහර දෙයි.(VIDEO)

Sri Lanka
By Aruna Jun 06, 2022 07:30 AM GMT
Report

අද (06) උදෑසන 10.45 ට පමණ පුත්තලම පාරෙ පැල්ලන්දෙනිය හන්දියේ පිහිටි රිසිකි ලංකා සිපෙට්කෝ නියෝජිත පිරවුම්හල අසල ඉන්ධන ලබා ගැනීම සදහා දින ගණනාවක් පුරාවට පෝලීම් වලට වී රැදී සිටින පුද්ගලයින් විසින් ලබා දුන් තොරතුරකට අනුව ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට අයත් වාහනයකට තෙල් බැරල් කිහිපයක් එහි සිටි සේවකයින් විසින් පටවන අයුරු රූගත ප්‍රාදේශීය මාධ්‍යවේදී විමල් රුහුනගේ මහතාට ඒ අවස්ථාවේ අදාල වාහනයේ රියදුරු හා පොම්පකරු එක්ව පහරදී තුවාල සිදුකර තිබෙනවා.

මෙම ඉන්ධන පිරවුම්හලේ මෙවැනි ජාවරම් කලක පටන් සිදුවන බව ප්‍රදේශවාසින් විසින්ද පවසා සිටින අතර, මාධ්‍යවේදීයාට පහර දෙන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබලුන් හා පොලිස් නිළධාරින්ද සිට ඇති බවත් ඔවුන් පහර දීම වැලක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ජනතාව දින ගණන් ඉන්ධන ලබා ගැනීම සදහා පෝලීම්වල රැදී සිටියදී, ඉන්ධනහල් හිමියන් හා නොයෙකුත් පුද්ගලයින් විසින් මෙසේ නොමනා ලෙස ඉන්ධන තොග රැස්කර ජනතාවට වැඩිමිළට විකිණීමේ ජාවරමක් රටපුරා ක්‍රියාත්මක වන අවස්ථාවක, පසුගිය දා ඛනිජ තෙල් අමාත්‍යවරයා විසින් ඉන්ධන වැඩිමිලට විකුණන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගන්නා බව පවසා සිටියද, එවැනි ක්‍රියාවන් ජනතාව ඉදිරියේ හෙලි කිරීමට වෙහෙස වී කටයුතු කරන මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ බලාසිටියදී මෙසේ ප්‍රසිද්ධියේ පහරදීමෙන් පෙනී යන්නේ නීතියද ජාවරම්කරුවනට යටවී වල්වැදී ඇති සෙයකි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීයෙකු වන විමල් රුහුනගේ මහතා මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම මෙවැනි ජාවාරම් රැසක් අනාවරණය කිරීමට තම මාධ්‍ය දායකත්වය ලබාදුන් මාධ්‍යවේදීයෙකුවේ.

අද සිදුවූ මෙම අනපේක්ෂිත පහරදිමෙන් විමල් රුහුනගේ මහතාගේ දත් දෙකක් පමණ කැඩී මුහුණටද තුවාල සිදුවී ඇත.

ඒ සදහා ප්‍රථිකාර ගැනීමට ඔහුට රෝහල්ගතවීමට සිදුව ඇත.

මෙසේ මාධ්‍යවේදීන්ට පහරදීම සමස්ථ මාධ්‍යවේදීන්ගේම නිදහස් මාධ්‍යකරණයට හා ජිවිතාරක්ෂාවට තර්ජනයක් වන බැවින් ඔහුට සිදුකල මෙම පහරදීම සම්බන්ධයෙන් නීතියේ සාධාරණත්වය ඉටුකිරීම හා මාධ්‍යවෙිදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වත්මන් පාලනාධිකාරියේද වගකීම වන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now