බැංකු කාඩ් පාවිච්චි කරන අයට විශේෂ පණිවුඩයක්..දැඩි විමසිල්ලෙන් සිටින්න..
Sri Lanka Police
Sri Lanka
By Aruna
විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු බැංකු කාඩ්පත් සොරකම් කර රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වංචා කළ පුද්ගලයකු කඩුවෙල පොලිසිය මගින් ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.
මෙම සැකකරු කලක පටන් කඩුවෙල,නවගමුව, මාලබේ වැනි ප්‍රදේශවල ඒටීඑම් යන්ත්‍ර වලට ගොස් මුදල් ගැනීමට සිටින පුද්ගලයාට කාඩ්පත ඇතුළු කිරීමට නොහැකි ආකාරයට යන්ත්‍රය සිරකර තිබේ.
පසුව ඔවුන්ට මුදල් ගැනීමට උපකාර කරන මුවාවෙන් කාඩ්පත් රහස් අංකය ද අසාගෙන අනතුරුව වෙනත් ඒ.ටී.එම් යන්ත්‍රවලට ගොස් විවිධ උපක්‍රම යොදා මුදල් ලබාගෙන ඇතැයි කියයි.
සැකකරු අද (08 වැනිදා) කඩුවෙල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |